Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොළොන්නරුව ජලගැළුම් නිම්න වනෝද්‍යානයේ අනාගතය, පරිසර වාර්තාවක් අතට

  පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ග...

 


පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදිකරන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ පරිසර අධ්‍යයන වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මාර්ගයක් සම්බන්ධයෙන් ඉල්ලීමක් පමණක් ලැබී ඇති නමුත්, ඒ සම්බන්ධයෙන් ස්ථිර තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. 


ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානය 1984 වසරේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමත් සමග මෙම මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමුණා. ඊට විකල්ප මාර්ගයක් ලෙස සිරිපුර හරහා වැටී ඇති පොළොන්නරුවේ සිට මහියංගණය මාර්ගය භාවිතයට ගෙන තිබෙනවා. පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා ඇති මෙම ආන්දෝලනාත්මක මාර්ගය මනම්පිටිය පාලම අසලින් ආරම්භ වී මහවැලි ගගට සමාන්තරව යක්කුරේ සහ නුවරගල දෙසට විහිදෙනවා. දැනට වසා ඇති එම මාර්ගය විවෘත කරනු ලබන්නේ වැලි ජාවාරම්කරුවන් වෙනුවෙන් බවයි පරිසර සංවිධාන පවසන්නේ. 


මෙම ගැටළුව මුල් කරගනිමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක හා වනජීවි නිලධාරීන් අතර ඉකුත් දා උණුසුම් කථාබහක් ද ඇති වූ අතර, පසුව ඊට විරෝධය පා වනජීවි නිලධාරීන් සංකේත වැඩ වර්ජනයක් ද ආරම්භ කළා. පසුව පාර්ලිමේන්තුවේදී ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ප‍්‍රකාශ කළේ ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානය රම්සා තෙත් බිම් පද්ධතියක් ලෙසට නම් කිරීම සදහා අධ්‍යයනයක් කරමින් සිටින බවයි. පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්යාකනය හරහා මාර්ගයක් විවෘත කිරීමට බලධාරීන් කටයුතු කළ හොත් ඊට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ග ගන්නා බව පරිසර සංවිධාන දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.  


පොළොන්නරුව ජල ගැළුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් විවෘත කිරීමෙන් සිදුවන දැවැන්ත පරිසර හානිය සම්බන්ධයෙන් නෙත් නිවුස් සහ නෙත් එෆ් එම් බැලූම්ගල දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා. ඒ සම්බන්ධයෙන්, නෙත් එෆ් එම් බැලූම්ගල ඊයේ කළ නවතම අනාවරණය බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්. 

No comments

Ads Place