Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නුවරඑලිය වලපනේ මාර්ගය වසා දැමේ…

  පවතින කාලගුණ අවධානම සමග නුවරඑලිය වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් (02) දින පස්වරු 6 සිට තාවකාලිකව වසා දැමිමට තිරණය කල බව නුවර...

 


පවතින කාලගුණ අවධානම සමග නුවරඑලිය වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් (02) දින පස්වරු 6 සිට තාවකාලිකව වසා දැමිමට තිරණය කල බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ උපදෙස් පරිදි මෙම තිරණය ගත් බව පැවසු රංජිත් අලහකොන් මහත වැඩි දුරටත් මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ.

පවතින අවධානම් තත්ත්වයත් සමග දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් පරිදි වලපනේ පදියපැලැල්ල මාර්ගය මලපට්ටාව ප්‍රදේශයෙන් හවස 6ට වසා දැමිමට අපි තිරණය කරලා තියෙනවා.

වලපනේ පොලිසිය , වලපනේ ප්‍රාදේශිය ලේකම්වරයාත් , මාර්ග සංවර්ධන අධිකාරියේ පදියපැලැල්ල විධායක ඉංජිනේරුවරයා සමග සාකච්ඡා කරලා (02) දින ප.ව 6 සිට (03) පෙ.ව 6 දක්වා මාර්ගය වසා දමනවා.

එ කාලයේදි එම මාර්ගයෙන් ගමන් ගන්නා වාහන මතුරට මාර්ගය , වලපනේ ප්‍රදේශයෙන් කිර්තිබණ්ඩාරපුර හරහා රජ මාවත භාවිතා කිරිමට හැකියි.

මලපට්ටාව ප්‍රදේශයෙන් නාය යාමේ අවධානම සක්‍රිය වෙල තියෙනවා.

පවතින අවධානම් තත්ත්වය හේතුවෙන් මෙම මාර්ගය භාවිතා නොකරන ලෙසට ප්‍රදේශවාසින්ගෙන් දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය සහ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයාද ජවතාවගෙන් ඉල්ලා සිටිනවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම පොලිස් ස්ථාන සහ ත්‍රිවිධ හමුදාව මේ අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා.

ඉදිරියේදි ඇතිවන ඕනැම තත්ත්වයකට මුහුණ දිමට අපි සුදානම් වෙලා ඉන්නවා.

අවධානම් ප්‍රදේශවල සිටින ජනතාව දැනුවත් කරලා තියෙනවා මේ වන විට.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පලාත් පාලන ආයතන මාර්ග අවහිර වුවහොත් එවා යථා තත්ත්වයට පත් කිරිමට සුදානම් වෙලා ඉන්නවා.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ යම් යම් ස්ථාන වල වර්ෂාපතනය පවතිනවා. මේ වන විට ආපදා තත්ත්වයන් වාර්තා වෙලා නැ.

දිස්ත්‍රික් ආපද කලමණාකර ඒකකය පැය 24 පුරාවටම ක්‍රියාත්මකයි.

lankacnews

No comments

Ads Place