Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිරසට එරෙහි වාරණය දින 9කින් දීර්ඝ කෙරේ

  ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වා...

 


ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය ලබන මස 08 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු ලක්මාලි ද සිල්වා මහත්මිය විසින් අද (30) නියෝග කළාය.

          

එහිදී වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම වාරණ නියෝගය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකළ අතර අනතුරුව අතුරු තහනම් නියෝගය පිළිබඳව විමසීම ජනවාරි මස 8 වැනිදා සිදුකරන බව අධිකරණය තීන්දු කර සිටියේය.

ඒ අනුව දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය එදින දක්වා දීර්ඝ කරන බව ද අධිකරණය නියෝග කළේය.


ඉකුත් නොවැම්බර් මස 11, 13, 16 සහ 19 යන දිනවල ප්‍රවෘත්ති විකාශ ඔස්සේ මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ද්වේෂ සහගත අරමුණකින් වගඋත්තරකාර ආයතනය විසින් අසත්‍ය, ගොතන ලද සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බව පැමිණිලිකරුවන් කියා සිටියි.

sri lanka mirror

No comments

Ads Place