Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප‍්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජලධාරිතාව සියයට 52ක් දක්වා පිරේ

  වාරිමාර්ග (ජල කළමනාකරණ) අධ්‍යක්‍ෂ ධර්මදාස අබේසිරිවර්ධන මහතා පවසන්නේ දිවයිනේ ප‍්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජලධාරිතාව සියයට 52ක් දක්වා පිරී...

 


වාරිමාර්ග (ජල කළමනාකරණ) අධ්‍යක්‍ෂ ධර්මදාස අබේසිරිවර්ධන මහතා පවසන්නේ දිවයිනේ ප‍්‍රධාන ජලාශ සහ මධ්‍යම ජලාශවල ජලධාරිතාව සියයට 52ක් දක්වා පිරී තිබෙන බවත් ජලාශ හතක ජල ධාරිතාව සම්පූර්ණ වී රාජාංගනය, දැදුරුඔය, යාන්ඔය, පරාක‍්‍රම සමුද්‍රය, කළුගල්ඔය, රිදියගම ජලාශ ජලයෙන් පිරී තිබෙන බවත් ඒ අනුව මාස් කන්නයේ වී වගාව සඳහා ප‍්‍රමාණවත් ජලය ජලාශවල තිබෙන බවත්ය.

ඉදිරි යල කන්නයේ වගාව සඳහා මෝසම් වැසි ප‍්‍රමාණවත් ලෙස නොලැබුණහොත් අවිනිශ්චිත බව පවසන අධ්‍යක්‍ෂවරයා බුරාවි සුළි කුණාටුවෙන් සහ සකී‍්‍රය වූ මෝසම් වැසි මිලි මීටර් 25ත් 150ත් අතර ප‍්‍රමාණවලින් ජලාශ ආශි‍්‍රත කලාපවලට ලැබුණ බව ද පවසා සිටී.

ප‍්‍රධාන ජලාශ හතක හැර සෙසු ජලාශවල මිලි මීටර් 200 ඉක්මවූ වැසි ජලය ගබඩා කර ගත හැකියාව පවතින බව පැවසූ අබේසිරිවර්ධන මහතා සකී‍්‍රය වූ මෝසම් වැසි ඉදිරි දිනවල දී අපේක්‍ෂා කරන බවත් දිවයිනේ ජලාශ රැසක ජලධාරිතාවය සියයට 34ක මට්ටමේ පවතින බවත් ප්‍රකාශ කරයි.

රටේ ප‍්‍රධාන ජලාශ 73ක් සහ මධ්‍යම ජලාශ 161ක් ඇති අතර ඉදිරි යල කන්නයේ ජලාශ යටතේ වගාව සඳහා තිබෙන ජලය වඩාත් ප්‍රවේශමෙන් කළමනාකරණය කර පරිහරණය කළයුතු බව අවධාරණය කළ අධ්‍යක්‍ෂවරයා ප‍්‍රමාණවත් වැසි නොලැබුණහොත් යල කන්නය සඳහා ජලය අපේක්‍ෂා කළ නොහැකි බව අවධාරණය කළේය.

No comments

Ads Place