Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවට එන ඉතාලියේ රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින් 5,000 ක් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වෙයි

  දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් ඉතාලියේ රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින් 5,000 ක් පමණ එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා. ක...

 


දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් ඉතාලියේ රැදී සිටින ශී‍්‍ර ලාංකිකයින් 5,000 ක් පමණ එරට ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී තිබෙනවා.


කෙසේවෙතත් තමන්ට දිවයිනට පැමිණීමට මෙතෙක් අවස්ථාව හිමිවී නොමැති බවයි ඇතැම් ශී‍්‍ර ලාංකිකයින් චෝදනා කරන්නේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉතාලියේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන  තානාපති  සිසිර සෙනෙවිරත්න පැවසුවේ එලෙස ලියාපදිංචි වි සිටින ඇතැමුන් ශ‍්‍රී ලංකාවට පැමිණීම කල් දැමීමට තීරණය කර ඇති බවයි.


එවන් අවස්ථාවලදී, දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී සිටින ශ‍්‍රී ලාංකිකයින්ගේ අනුපිළිවෙල අනුව එම පිරිසට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි වැඩබලන තානාපතිවරයා සඳහන් කළේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ කොවිඞ් මර්දන කාර්යය සාධක බලකායේ අනුමැතියට අනුව එම කටයුතු සිදුකෙරෙන බව ද ඔහු පවසනවා.


එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩපහසුකම් අනුව දිවයිනට රැගෙන එන පිරිස තීරණය කෙරෙන බවයි ඉතාලියේ පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.


ඉතාලියේ සිටින ශ‍්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා කටයුතු කරන බව පවසමින් ඇතැම් පුද්ගලයින් සමාජ මාධ්‍ය හරහා විවිධ ප‍්‍රචාර සිදුකරමින් සිටිනවා. එහෙත්. එවැනි ආකාරයකින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට කිසිඳු හැකියාවක් නොමැති බැවින් ජාවාරම්කරුවන්ට නොරැවටෙන ලෙසයි ප‍්‍රංශයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය ශ‍්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ. 

No comments

Ads Place