Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වෛරසය මඩින්න දේශිය ඖෂධ වර්ග 37 ක් අනුමැතියට ඉදිරිපත් කෙරේ

  කොරොනා වෛරසයට මුහුණ දිම සදහා දේශිය ඖෂධ 37 ක් පිලිබදව දේශිය ආයුර්වේද අමාත්‍යංශයේ විද්වත් කමිටුවක් පත් කර ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රා...


 කොරොනා වෛරසයට මුහුණ දිම සදහා දේශිය ඖෂධ 37 ක් පිලිබදව දේශිය ආයුර්වේද අමාත්‍යංශයේ විද්වත් කමිටුවක් පත් කර ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ දේශිය ඖෂධ වර්ග 108 ක ඖෂධ මංජුසාවක් (29) දින උදුවප් පොහෝ දින 2020-2021 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ විමෙන් පසු පුජා කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ.

දේශිය වෛද්‍යය අමාත්‍යංශය හැටියට රට අද මුහුණ දිලා ඇති වසංගත තත්ත්වයෙන් ඉක්මණින් මිදිලා නිරෝගි භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක ඖෂධ වර්ග 108 කින් යුත් මංජුසාවක් දින 14 ක් පුරා දිවයින පුරා වෙහෙර විහාරස්ථාන ,සිද්ධස්ථාන වල පුජ උපහාරයට ලක් කලා.

උදුවප් පොහෝ දිනයේදි ශ්‍රි පාද පත්මයට ඖෂධ මංජුසාව පුජා කරනු ලැබුවා.

ආයුර්වේදයේ භාවිතා නව හෙල වෙදකමේ තියෙන ඖෂධ වර්ග 108 ක් තමයි භාවිතා කරන්නේ.

කෙරොනා පැණිය පිලිබදව අපි සායනික පරික්ෂන ආරම්භ කරලා තියෙනවා,

දේශිය ඖෂධ වර්ග 37 පිලිබදව අපි පරික්ෂණ කරගෙන යනවා කොරොනා වෛරසයට මුහුණ දෙන්න සුදුසුයිද කියලා.

කොරොන සදහා විවිධ පාන වර්ග ,ඖෂධ වර්ග , බෙහෙත් වර්ග ඒ සැම දෙයක් සම්බන්ධයෙන් අධ්‍යනයක් කරනවා.

ඒ සදහා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා දේශිය ආයුර්වේද  අමාත්‍යංශයෙන්.

No comments

Ads Place