Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යාපනයේ ග‍්‍රාම නිලධාරී වසම් 30ක් වහාම ලොක්ඩවුන්..

  යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව කොවීඩ් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමග එහි ග්‍රාමසේවා වසම් 30 කට සංචරණ නීති පනවා ඇත. උඩු...

 


යාපනය උඩුවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව කොවීඩ් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගැනීමත් සමග එහි ග්‍රාමසේවා වසම් 30 කට සංචරණ නීති පනවා ඇත.

උඩුවිල් මරදනාමඩම්හි පොදු වෙළඳපොළේ වෙළෙන්ඳෙකුට කොරෝණා ආසාදනය වී ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේදී හඳුනාගැනීමත් සමග අදාල පුද්ගලයා සංචරණය කරන ලද ප්‍රදේශයන්හි සමීපතයින් 500 කට ආසන්න පිරිසක් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමෙන් පසුව ආසාදිතයින් 26 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇතයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක ටී.සත්‍යමූර් තී පවසා සිටියේය.

මේ අනුව යාපනය තෙලිප්පලෙයි , අලවෙඩ්ඩි, උරුම්පිරායි, නවාලි, කීරිමලෙයි, මාණිප්පායි, උඩුවිල්, ඉනුවිල්, සංගානෙයි, පණ්ඩත්තිරිප්පු, චුන්නාකම්, කයිතඩි, එලාලෙයි, කන්සන්තුරෙයි, සන්දිලිප්පායි, යන ප්‍රදේශයන්හි පිහිටි ග්‍රාමසේවා වසම් 30 කට ඊයේ (13) දින සිට සංචරණ නීති පනවා ඇත.

මේ අතර කොරෝණා ආසාදිතයින් එකවරම යාපනයෙන් වාර් ථා වීමත් සමග අවුන් වෙසෙන් සහ සංචරණය කරන ලද ප්‍රදේශයන් මේ වන විට හඳුනාගෙන සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් සියලු දෙනා පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.

මේ අනුව සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශයන්හි සෞඛ්‍ය හා වෛද්‍ය කටයුතු වල නිරත වන පුද්ගලයින් හැර අනෙකුත් සියලු පුද්ගලයින්ට සංචරණ සීමා පැනවීමට පියවර ගෙන ඇති අතර අදාල ප්‍රදේශයන්හි ආරක්ෂාවට පොලීසිය හා යුදහමුදාව යොදා ඇත.

No comments

Ads Place