Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

26 සිට රටට එන සංචාරකයින්ට කොන්දේසි මාලාවක්

  ලබන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මෙරට තුළ කාලය ගත කළ යුත්තේ කොන්දේසි මාලාවකට යටත්ව බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ...

 


ලබන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මෙරට තුළ කාලය ගත කළ යුත්තේ කොන්දේසි මාලාවකට යටත්ව බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එහි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ එලෙස පැමිණෙන සංචාරකයින්ට රිසි පරිදි රටතුළ සංචාරය කිරීමට ද අවසර නොලැබෙන බවයි. එමෙන්ම එම සංචාරකයින්ට අනිවාර්යයෙන් දින 14 ක් ශ‍්‍රී ලංකාව තුළ රැඳී සිටිය යුතු බවට වන කොන්දේසියක් ද පනවා තිබෙනවා. සංචාරකයින් රැඳී සිටින හෝටල් ආශ‍්‍රිත ප‍්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස සලකා කටයුතු කරන බවයි විශේෂඥ සුසී පෙරේරා පැවසුවේ.


මෙලෙස පැමිණෙන සංචාරකයින්ට සිදුකෙරෙන PCR හෝ ඇන්ටිජන් පරීක්ෂණවල වියදම ඔවුන් විසින් දැරිය යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ සුසී පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ සංචාරකයින් ගෙන්වීම සිදුවන්නේ ද නියමු ව්‍යාපෘතියකට අනුව බවයි‘. 


කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු මෙරට ගුවන් තොටුපළ විදෙස් සංචාරකයින් සඳහා ලබන සෙනසුරාදා සිට විවෘත කිරීමට නියමිතයි. පළමුව එහිදී අවසර හිමිවන්නේ තෝරා ගත් ගුවන් සේවා සඳහා පමණයි. ජාත්‍යන්තර ගුවන් යානා මෙරටට ඇතුළුවීමේදී ගුවන් සමාගම්වලින් අය කෙරෙන ගොඩබෑමේ සහ නවතා තැබීමේ ගාස්තු ලබන සෙනසුරාදා සිට ජනවාරි 19 වනදා තෙක් අය නොකිරීමටයි රජය මේවනවිටත් තීරණය කර ඇත්තේ.


ලබන සෙනසුරාදා සිට විදෙස් සංචාරකයින්ට ශ‍්‍රී ලංකාව විවෘත වුවද, බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන මගීන්ට එම අවස්ථාව හිමිවන්නේ නැහැ. ඒ, එරට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය හේතුවෙන්. 

No comments

Ads Place