Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිතිවිරෝධිව රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 25,000ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

 ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 25,000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කලමැටි...


 ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් රැගෙන ආ කහ කිලෝග්‍රෑම් 25,000 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු කලමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.


විශේෂ කාර්ය බලකායේ ගෝන හේන කදවුරේ බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත එම  කදවුරේ මෙහෙයුම් අංශය විසින් හුංගම කලමැටිය ධීවර වරායේදී මෙම බහුදින යාත්‍රාව අද (27) අළුයම අත්අඩංගුවට ගෙන තිබිණි.


එම යාත්‍රාව සෝදිසි කිරීමේදී සූක්ෂම අයුරින් මාළු අසුරන ටැංකි තුළ  කහ අසුරන ලද ගෝනි පුරවමින් ඉන්දියාවේ සිට නීති විරෝධීව රැගෙන එන ලද කහ තොගය සොයා ගැනීමට හැකි වී ඇත.


අත්අඩංගුවට ගත් කහ තොගය කිලෝග්රෑම් 25,000කට අධික බව නිලධාරීහු පවසයි. සිද්දිය සම්බන්ධයෙන් සැකපිට ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බේරුවල හා හුංගම ප්‍රදේශ වල පදිංචි කරුවන් බවද නිලධාරීන් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කහ තොගය අධිකරණ කටයුතු සදහා හුංගම පොලීසිය වෙත බාරදී ඇත

No comments

Ads Place