Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අටළුගම 2/3කට කොරෝනා.. කළුතර ඉහලම අවදානමේ..

  බණ්ඩාරගම අටළුගගම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙව් තුනෙන් දෙකකට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි වෙමින් ඇතැයි බණ්ඩාරගම...


 බණ්ඩාරගම අටළුගගම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙව් තුනෙන් දෙකකට පමණ කොරෝනා ආසාදනය වී ඇතැයි දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි වෙමින් ඇතැයි බණ්ඩාරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ විසිදහසක පමණ පිරිසක් වාසය කළද කොරෝනා පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ 1500 ක පමණ පිරිසක් බවත් ඉන් 547 දෙනකු ආසාදිත බව හෙළිවී ඇති බවත් ඔහු පැවසීය.

පරීක්ෂණ වලට සහභාගි වීම මඟහරින පුද්ගලයන් යුධ හමුදා මැදිහත් වීමෙන් ඊට යොමු කිරීමට ගත් උත්සාහය ද අසාර්ථක වී තිබේ.

තවත් 18,000ක පමණ කොරෝනා පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ තත්ත්වය මත කළුතර දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

No comments

Ads Place