Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දින 20 ට, 8300 ක් බන්ධනාගාරයෙන් නිදහස් වෙයි

  ගත වූ දින 20 ක කාලය තුල රැඳවියන් 8,344 දෙනෙකු බන්ධනාගාරවලින් මුදා හැර තිබෙනවා. ඒ, බන්ධනාගාර තුළ පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමේ අරමුණින්. ඔ...

 


ගත වූ දින 20 ක කාලය තුල රැඳවියන් 8,344 දෙනෙකු බන්ධනාගාරවලින් මුදා හැර තිබෙනවා. ඒ, බන්ධනාගාර තුළ පවතින අනවශ්‍ය තදබදය අවම කිරීමේ අරමුණින්. ඔවුන්ගෙන් පිරිසකට පූර්ණ නිදහස හිමිවී ඇති අතර තවත් පිරිසක් මුදා හැර ඇත්තේ ඇප මතයි. 


ඒ අනුව සිර දඬුවම් ලැබූ 627 දෙනෙකු මුදා හැර ඇති අතර කාන්තා රැඳවියන් 14 දෙනෙකුද ඒ අතරට අයත්. සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටි රැඳවියන් 7717 දෙනෙකු ද මුදා හැර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අතරට ද කාන්තාවන් 178 දෙනෙකු අයත්. 


ඉකුත් දා මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීමට සැලසුම් සකස් කෙරුණා. ඒ අනුවයි මෙලෙස රැඳවින් පිරිසක් බන්ධනාගාරවලින් මුදා හැරීමට තීරණය කර ඇත්තේ.


මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් ලබන 30 වනදා වන විට බාර දීමටයි සැලසුම් කර ඇත්තේ.

No comments

Ads Place