Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල මත පීඩනය ක්‍රමයෙන් පහළට. ඩොලරයේ විකුණුම් මිල රු. 190 දක්වා අඩුවෙයි

  ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.20 ක්...


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.20 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 190.02 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය සතියේ දී විනිමය අනුපාතිකයෙහි දැඩි උච්ඡාවචනයක් දකින්නට ලැබුණු අතර එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබන බව අවධාරණය කර සිටියේය. දෙසැම්බර් 24 දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 189.08 ක් හා විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් සටහන් වූ පසුබිමක මහ බැංකුව එසේ ප්‍රකාශ කර සිටියේය.

මේ අතර අද (30) දින එක්සත් ජනපද ඩොලරයේ අනුරූපිත එතැන් අනුපාතිකය (SPOT Exchange Rate) රු. 187.96 ක් ලෙසින් සටහන් වී තිබේ. මෙම අගය දෙසැම්බර් 28 දින රු. 190.28 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

adaderana news

No comments

Ads Place