Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිලිපීනය - රටවල් 19කට පැනවු සංචාරක තහනම තවදුරටත්

  පිලිපීනය විසින් රටවල් 19 ක් සඳහා පනවන ලද සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ. බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදය ...

 


පිලිපීනය විසින් රටවල් 19 ක් සඳහා පනවන ලද සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කර තිබේ.

බ්‍රිතාන්‍යයෙන් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ප්‍රභේදය රටවල් ගණනාවකින් වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි මාසය මැද භාගය වන තෙක් සිංගප්පූරුව, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව සහ ජපානය ඇතුළු රටවල් 19 ක් සඳහා අදාළ තහනම බලපැවැත්වේ.

කෙසේවෙතත් පිලීපිනය තුළින් මෙතෙක් නව වෛරස් ප්‍රභේදය වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අග්නිදිග ආසියානු රටවල් අතරින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සහ මරණ වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ පිලිපීනයයි.

එරටින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 471,526 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 9,162ක් සිදුව තිබේ.

No comments

Ads Place