Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්‍රේන සංචාරකයින් 185ක් මත්තලට පැමිණෙයි : ඉදිරියේදී තවත් ගුවන් යානා 13ක් ගෙන ඒමට සැලසුම්

  කොරෝනා වසංගත රෝගී තත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව  නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස ...

 


කොරෝනා වසංගත රෝගී තත්වය නිසා විදේශීය සංචාරකයන් සදහා වසා තිබූ මෙරට ගුවන් තොටුපළ මාස 09 කට පසුව  නැවත විවෘත කරමින් පළමු සංචාරකයන් පිරිස ලෙස යූක්‍රේනයේ සංචාරකයන් 185 දෙනෙකු රැගෙන විශේෂ ගුවන් යානයක් අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර ප්‍රකාශ කර සිටිනවා.


ස්කයි අප් ගුවන් සේවයේ ( Sky Up Air Line ) පී.කිව්.555 දරන ගුවන් යානය අද දින පස්වරු 2.07 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.


එම යානය තුළ නියමුවන් දෙදෙනා ඇතුළු  ගුවන් යානා කාර්යය මණ්ඩලය 11 දෙනෙකු සිටින අතර , මෙම සංචාරකයන් පිරිස ගුවන් තොටුපළ බැස්සවීමෙන් පසුව යළිත් අද දින සවස ආපසු පිටත්ව යාමට නියමිතව ඇත,


මෙසේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීම නියමු ව්‍යාපෘතියක් සේ ක්‍රියාත්මක වේ. මෙහි සාර්ථකභාවය මත ඉදිරියේදී සියලු ගුවන් තොටුපළ විවෘත කර පුළුල් වශයෙන් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සිදු කිරීමට නියමිතය.


මෙම නියමු ව්‍යාපෘතිය යටතේ මේ ආකාරයට ගුවන් යානා 13 ක් මගින් මත්තල ගුවන් තොටුපළ වෙත විදේශීය සංචාරකයන් රැගෙන ඒමට නියමිත බවයි  සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂක ෂෙහාන් සුමනසේකර වැඩිදුරටත් සදහන් කළේ.

No comments

Ads Place