Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වටවල ඇගලූම් කර්මාන්තශාලාවකින් තවත් කොරෝනා ආසාදිතයින් 18ක් හමුවෙයි

  වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවිකාවන් 18  දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ආසාදිතයන්ගේ ආශී‍්‍රතයින් 13 දෙනෙකුටද වෛ...

 


වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක තවත් සේවිකාවන් 18  දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එම ආසාදිතයන්ගේ ආශී‍්‍රතයින් 13 දෙනෙකුටද වෛරසය ආසාදනය වී අති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඒ හේතුවෙන් ඇගලූම් කර්මාන්තශාලාව තවදුරටත් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.


එම පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මිට පෙර හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයන් 41 දෙනෙකු ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කාමදේවන් පැවසුවේ. එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිතයන්ගේ ආශී‍්‍රතයින් 600 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.

No comments

Ads Place