Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාදුක්කෙන් තවත් ආසාදිතයින් 16ක්

  පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍ර...

 


පාදුක්ක ගලගෙදර, නැගෙනහිර වසමේ අරුක්වත්ත ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 26ක් දක්වා ඉහළ ගොස් තිබේ.


එම ප්‍රදේශයේ පුද්ගලයෙකු පසුගිය 24 වනදා ජීවිතක්ෂයට පත්වූ අතර, එම මෘත දේහය සම්බන්ධයෙන් සිදුකළ පී.සී.ආර් පරීක්ෂාවකදී එම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව හඳුනාගැනුණි.


ඒ අනුව මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් ඇතුළු ආශ්‍රිතයින් 40 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවට යොමුකෙරුණු අතර ඊයේ (29)  දිනයේදී ඉන් 10ක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.


කොවිඩ් ආසාදිත බවට තහවුරු වු සියලුදෙනා නිවසේ දී මියගිය කොවිඩ් ආසාදිත දේහය රෝහලට රැගෙන යෑමට සහයෝගය ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් බව පාදුක්ක සෞඛ්‍ය වෛදය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා පැවසීය.


ඒ අනුව අද (30) උදෑසන ද තවත් 16 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

adaderana news

No comments

Ads Place