සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 16 ක් සපිරෙනවා. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයින් 26,000 කට ආසන්න පිර...
සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 16 ක් සපිරෙනවා. 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා සිදුවූ සුනාමි ඛේදවාචකයෙන් මෙරට පුද්ගලයින් 26,000 කට ආසන්න පිරිසකට සිය ජීවිත අහිමි වුණා. මෙම ව්‍යසනය සිහි කිරීම සදහා සෑම වසරකම දෙසැම්බර් 26 වන දින ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කෙරුණු අතර කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර එය සැමරෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ නීති රීතිවලට අනුකූලවයි.
අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක කාලයක් නිහඩ කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර එම කාල සීමාවේදී නිහඬතාව පළ කර සුනාමියෙන් මියගිය හා තුවාල ලැබුවන් සිහි කරමින් ඊට එක්වන ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සියළු ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.
සුනාමිය ව්‍යසනය වැනි ආපදා තත්ත්වයකට ස්වභාවික ව්‍යසනවලට මුහුණ දීම සඳහා තොරතුරු දැනුම් දීමේ සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය හරහා මේ වනවිට කි‍්‍රයාත්මක බව ද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළා.
No comments