Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ 10ක් හුදෙකලා කෙරේ

කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරිමට තීරණය කළ ...


කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ඇහැලියගොඩ සහ ගොඩකවෙල ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරිමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයට අයත් මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශ ද මෙලෙස හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඊයේ දිනයේදී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් කොවිඩ් ආසාදිතයින් 150 දෙනෙකු වාර්තා වී තිබු බව කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියා.

No comments

Ads Place