Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝල්ෆේස් පිටියේ හදිසි පරීක්ෂාවක් - 09 කට කොරෝනා

  කොළඹ - කොටුව, ගාලූමුවදොර ප‍්‍රදේශය ආවරණය වන පරිදි අහඹු ලෙස සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 09 දෙනෙ...

 


කොළඹ - කොටුව, ගාලූමුවදොර ප‍්‍රදේශය ආවරණය වන පරිදි අහඹු ලෙස සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 09 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා නිරන්තරයෙන් මෙලෙස අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. 

මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්ක කර අහඹු ලෙස සිදුකරන ඇන්ටිජන් පරීක්ෂණවලදී ද, ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතව සිටි පුද්ගලයින් 13 දෙනෙකු හඳුනා ගැනුණු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. 

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 ක් ආවරණය වන පරිදි අහඹු ලෙස තෝරා ගැනෙන පුද්ගලයින් ඉලක්ක කර සිදුකෙරෙන මෙම රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ ලබන ජනවාරි මස 05 වනදා දක්වා සිදුකෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

nethnews

No comments

Ads Place