Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්මලානේ රොහාගේ ගෝලයින් දෙදෙනෙකු ඇතුළු 06 දෙනෙකු එස් ටී එෆ් අත්අඩංගුවට

ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ හැරල්ඞ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතම සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ග...


ප‍්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ හැරල්ඞ් රොහාන් ද සිල්වා නොහොත් රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතම සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු වස්කඩුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදීයි.


සැකකරුවන් මහවස්කඩුව ප‍්‍රදේශයේ ආපනශාලාවක සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

No comments

Ads Place