Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදනය වූ රැඳවියන් 05 දෙනෙකු පළා යයි

  පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව...

 


පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ සිටිනවා.


මිගමුව බන්ධනාගාරයේ  සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති මෙම රැඳවියන් ප්‍රතිකාර සඳහා ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කොට තිබු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.


මෙම රැඳවියන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අයවළුන් බවත් පළා ගිය මෙම පිරිස සොයා පොලිසිය සහ යුද හමුදාව එක්ව ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

No comments

Ads Place