Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් අවධානම් කණ්ඩායම් 03ක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

 නත්තල සහ එළඹෙන අළුත් අවුරදු උත්සව සමයේ කොළඹ දිස්ති‍්‍රක්කයේ අවදානම් කණ්ඩායම් 03 ක් හඳුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ...


 නත්තල සහ එළඹෙන අළුත් අවුරදු උත්සව සමයේ කොළඹ දිස්ති‍්‍රක්කයේ අවදානම් කණ්ඩායම් 03 ක් හඳුනාගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ බස්නාහිර පළාතේ සේවය කර, වෙනත් පළාත්වලට පිටව යන පිරිස් ද ඒ අතරට අයත් බවයි. එමෙන්ම පිට පළාත්වල සිට බස්නාහිර පළාතට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට පැමිණෙන ජනතාව ද, ඒ අතරින් ප‍්‍රධාන බව ඔහු කියා සිටියා. 


පවතින තත්ත්වය හමුවේ එළමෙන අළුත් අවුරුදු සමයේදී දිස්ති‍්‍රක් මායිම්වලින් පිටතට ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන ලෙසටයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. 


මේ අතර මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි කඩකළ පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා. ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් මස 30 වනදා සිට මේ දක්වා වූ කාලය තුලදී නිරෝධායන රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1740 ක්.

No comments

Ads Place