Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

STF කඳවුරු 03ක් හුදෙකලා කරයි : STF නිලධාරීන් 56ක් ඇතුළු පොලිසියේ 183කට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ් වෛරසය ආසාදනය වූ නිලධාරීන් වාර්තා වීම හේතුවෙන් කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු හුදෙකලා කිරීමට පිය...


කොවිඩ් වෛරසය ආසාදනය වූ නිලධාරීන් වාර්තා වීම හේතුවෙන් කැලණිය, රාජගිරිය සහ කළුබෝවිල පිහිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ කඳවුරු හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 56 දෙනෙක් ඇතුළුව කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරින් සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


මේ අතර මෙරට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇති සමස්ත නිවාස සංඛ්‍යාව 63,663ක් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

nethnews

No comments

Ads Place