Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ICCය ජයසූරියට පැනවූ තහනම අවසන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන් වු...


ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති සනත් ජයසූරියට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් පනවා තිබූ වසර දෙකක තහනම අදින් අවසන් වුණා. ඒ පිළිබදව එම කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් විසින් නිල වශයෙන් තමන්ට දැනුම් දුන් බවයි සනත් ජයසූරිය ප‍්‍රකාශ කළේ. 

2018 වසරේදී සනත් ජයසූරියට මෙලෙස වසර 2ක තහනමක් පනවා තිබුණේ ඔහු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය සිදු කරන පරික්ෂණයකට සහාය නොදැක්වීම හේතුවෙන්. 

ඒ අනුව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී නිති දෙකක් උල්ලංගණය කිරීම චෝදනා මත ඔහුට මෙම තහනම පනවනු ලැබුවා. ඔහුට වසර දෙකක කාලයක් කිසිදු ක‍්‍රිකට් කටයුත්තක් සදහා එක්වීම තහනම් කරමින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මෙම තහනම පනවා තිබූ අතර ඒ අනුව එම තහනම අදින් අවසන් වුණා.

nethnews

No comments

Ads Place