Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සතියක් රට වසා දමන්න සාකච්චා කලා..- හමුදාපති

සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට ඊයේ දිනයේ සාකච්ඡා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. නමුත් එවන් තත්ත්වයකදී රටේ ...


සතියක කාලයක් සඳහා සම්පූර්ණයෙන්ම රට වසා දැමීමට ඊයේ දිනයේ සාකච්ඡා වූ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

නමුත් එවන් තත්ත්වයකදී රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන තත්වය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමු වූ බවද ඔහු පැවසීය.

ඒ හේතුවෙන් බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට පමණක් ඇදිරි නීතිය පැනවූ බවද ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට ජනතාව හැකි තාක් නිවෙස් තුළටම වී සිටින ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

හැකි තාක් මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධාවක් සිදු නොවන ලෙස සියලු කටයුතු සිදු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බවද හමුදාපතිවරයා තව දුරටත් සඳහන් කරයි.

lankacnews

No comments

Ads Place