Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර පොකුරේ පළමු කොරෝනා මරණය වැලිකඩින්

  බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරි...

 


බන්ධනාගාර කොරෝනා පොකුරෙන් වාර්තා වන පළමු මරණය වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි 82 හැවිරිදි රැඳවියෙක්. පිලිකා රෝගයකින් පෙළී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා.


ඉකුත් දා බන්ධනාගාර රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් එහි සිටි රැඳවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවුණා. ඒ අතර සිටි රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පසුව තහවුරු කර ගැනුණේ සිදුකළ PCR පරීක්ෂණවලින් පසුවයි.  ඒ අනුව ඔවුන් කන්දකාඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කර යවා තිබෙනවා.


කෙසේවෙතත් එම රැඳවියාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී රැඳවියා මියගොස් ඇති බවයි බන්ධනාගාර ප‍්‍රකාශකයෙකු පැවසුවේ. දේහය සම්බන්ධයෙන් සිදුකළ ඡුක්‍ඍ පරීක්ෂණයකදී ඔහුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගෙන තිබෙනවා.


මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ 2006 වසරේදීයි. 

No comments

Ads Place