Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට බිලිවෙන්න මං සූදානම්..- පවිත‍්‍රාදේවී

කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. අද පාර්ලිමේන්...


කොරෝනා වෛරසයෙන් රට බේරාගැනීම සඳහා තමන් මුහුදට හෝ බිලිවීමට සූදානම් යැයි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

අද පාර්ලිමේන්තුවේ දී ඇය මේ බව කියා සිටියේ තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලවන විවේචන සම්බන්ධයෙන් අදහස් පල කරමිනි.

කොරෝනා මර්දනය සඳහා තමන්ට විවිධ ආගමික පාර්ශ්වයන්ගෙන් සිදු කෙරෙන ඉල්ලීම්වලට කන් දෙන බවත් ඒවාට සහභාගි වීමට ද සිදු වන බවත් ඇය සඳහන් කළාය.

එසේම සිදු දිනක සිදු කල ආගමික කටයුත්තක් සමච්චලයට ලක් කරමින් ඇති බවද පැවසූ ඇය තමන් මුහුදට බිලි වී හෝ කොරෝනාවලින් රට නිදහස් වන්නේ නම් හොඳ බව ද කියා සිටියාය.

තමන් මුහුදට බිලි වීමෙන් කොරෝනා තුරන් වන්නේ නම් තමන් එය කිරීමට කිසිදු පැකිලීමක් නොදක්වන බව ද ඇය තව දුරටත් පැවසුවාය.

lankacnews

No comments

Ads Place