Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යලිත් කොරෝනා.. නිකවැරටිය නගරයේ සියළු වෙලදසැල් වසා දමයි..

නිකවරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථානය දින තුනක් වසා දැමීමට එම නගරයේ වෙළෙඳ සංගමය තීරණය කර තිබේ. කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනෙකු වාර්තා වි...


නිකවරටිය නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථානය දින තුනක් වසා දැමීමට එම නගරයේ වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.

කොරෝනා ආසාදිත පුද්ගලයන් 06 දෙනෙකු වාර්තා විම සහ එම ආසාදිතයන් සහ ආශ්‍රිතයන් නගරයේ සැරිසරා තිබීම නිසා මෙම පියවර ගත් බව සංගමය සඳහන් කරයි.

දැනටමත් නගරයේ ව්‍යාපාරික ස්ථාන හතරක් නිරෝධායනයට ලක්කර වසා දමා ඇති බවත් ඒ හේතුවෙන් සෞඛ්‍ය අංශවලට සහාය දක්වමින් නගරයට පැමිණෙන පිරිස අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බවද සංගමය කියා සිටී.

නගරයේ ව්‍යාපාරික ස්ථාන යළි බ‍්‍රහස්පතින්දා විවෘත කළ ද පැමිනෙන සියලු ජනයා සෞඛ්‍ය උපදෙස් පිළිපැද කොරෝනා වෛරස ව්‍යාප්තිය මර්දනය කිරීමට සහාය දක්වන ලෙසද සංයමය ඉල්ලා සිටියි.

lankacnews

No comments

Ads Place