Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් කර්මාන්තකරුවන්ට සහ සීනි ආනයන කරුවන්ට සලකන ආකාරයේ වෙනස මෙන්න

බදු සහන වංචා කරමින් සීනිවලට ලබාදුන් රු. 55 ක බදු සහනය මහජනයාට ලබා නොදී ආනයනකරුවන් විසින් වැඩි මිලට සීනි විකුණන බැවින් එය පාලනය කිරීම සඳහා මි...


බදු සහන වංචා කරමින් සීනිවලට ලබාදුන් රු. 55 ක බදු සහනය මහජනයාට ලබා නොදී ආනයනකරුවන් විසින් වැඩි මිලට සීනි විකුණන බැවින් එය පාලනය කිරීම සඳහා මිල පාලනයක් පනවන බව පාරිභෝගික අධිකාරිය පවසයි.

සීනි ආනයනකරුවන්ට ලබාදුන් බදු සහනය නිසා සමාගම් 7 ක් විසින් උපයාගත් ලාභය රු. මිලියන 1470 ක් බවද වාර්තා විය.

මෙම බදු සහනය තමාට ලැබෙන බව ආනයනකරුවන් කලින් දැන සිටි බැවින් සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 38 ක් වටිනා සීනි ආනයනය කොට ඇති බව සහ එම ප්‍රමාණය 2019 ට වඩා 134% ක වැඩිවීමක් බව ආයතන වාර්තා පිරික්සීමේදී පෙනී යයි.

දැන් පමා වී පැනවූ සීනි මිල පාලනය අනුව පැකට් නොකළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 85 ක් වන විට පැකට් කළ සීනි කි.ග්‍රෑම් 1 ක් රු. 90 ක් වේ.

සහල් කර්මාන්තකරුවන්ට පැකට් කිරීම සඳහා කි.ග්‍රැම් 1 කට රු. 1 ලබාදීම මහා ජාතික අපරාධයක් ලෙස සලකන පාරිභෝගික අධිකාරිය සීනි පැකට් කිරීම සඳ හා කි.ග්‍රෑම් 1 කට රු. 5 ක් දෙන ආකාරය පුදුම සහගත බව වෙළෙන්දෝ පවසති.

lankaleadnews

No comments

Ads Place