Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්ද දේශප‍්‍රිය ධුරයට සමුදීම ප‍්‍රකාශ කරයි..

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිෂන් සභාවේ සියලු නිලධාරීන් කැදවා සිය සමු ගැනීම ප‍්‍රකාශ කර ඇත. එම කොමිෂන් සභාවේ නිල...


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම කොමිෂන් සභාවේ සියලු නිලධාරීන් කැදවා සිය සමු ගැනීම ප‍්‍රකාශ කර ඇත.

එම කොමිෂන් සභාවේ නිල කාලය මෙම මස 12 වැනි දින අවසන් වන නිසා මෙම සමු දීම සිදු කළ බව ඔහු සඳහන් කළේය.

මෙම හමුව සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල නිලධාරීන් රාජගිරිය මැතිවරණ කොමිසන් සභා කාර්යාලය වෙත ගිය සතියේ කැඳවා තිබිණි.

තමන්ට ලබා දුන් සහයෝගය සම්බන්ධයෙන් එහිදී ඔහු සියලු නිලධාරීන්ට ස්තුතිය පළ කර තිබේ.

12 වන දා මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වීමට පෙරාතුව එහි අවසන් රැස්වීම ඉදිරි දිනකදී පැවැත්වීමට නියමිතව තිබේ.

lankacnews

No comments

Ads Place