Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරි නීති බලපත්‍රය වලංගු නොවන ප්‍රදේශ පිළිබඳ පොලීසියෙන් ප්‍රකාශයක්

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප‍්‍රදේශ තුළ ගමන් කිරීමට ලබාදුන් ඇඳීරි නීති බලපත‍්‍රය හුදෙකලා කර ඇති ප‍්‍රදේශ සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා. ...


නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප‍්‍රදේශ තුළ ගමන් කිරීමට ලබාදුන් ඇඳීරි නීති බලපත‍්‍රය හුදෙකලා කර ඇති ප‍්‍රදේශ සඳහා වලංගු නොවන බව පොලීසිය පවසනවා. 


නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක නොවන බැවින් නිරෝධායන ඇඳිරි නීති බලපත‍්‍ර වලංගු නොවන බවයි වැඩබලන පොලිස්පති සී ඞී වික‍්‍රමරත්න දන්වා ඇත්තේ.


ඒ අනුව හුදෙකලා කර ඇති ප‍්‍රදේශ හරහා හෝ ප‍්‍රදේශ තුළ ගමන් කිරීම සඳහා එවැනි බලපත‍්‍රයක් හැකියාවක් නැහැ. හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තුළ හෝ ප‍්‍රදේශ හරහා සංචරණය කිරීමට අවසර ලබාදෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයායි. 


එබැවින් ඊයේ සිට බලපැවැත්වෙන පරිදි හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තුළ හෝ එම ප‍්‍රදේශ හරහා ගමන් කිරීමට සුවිශේෂී හේතු මත අවසර ලබාගැනීමට අවශ්‍ය නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉල්ලූම්පතක් ඉදිරිපත් කළ යුතු බවයි වැඩබලන පොලිස්පතිවරයා පවසන්නේ.


අදාළ අවසරය සහ කොන්දේසි වලට යටත්ව පමණක්, හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තුළ හෝ ඒ හරහා ගමන් කිරීමට ඉඩ ලැබෙන බව ද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 


මේ අතර දිවයිනේ යම් ස්ථානයක අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශවලින් කාර්යය මණ්ඩලය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වූ අවස්ථාවලදී ඒ පිළිබඳ තොරතුරු දැනුම් දී එම අවස්ථාවට අනුකූලව අවසර ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. 


අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අනිවාර්යය පිරිස් දැඩි සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවලට ගෙන්වා ගැනීමේදී මතුවී ඇති ගැටළුව මගහැරීම මෙහි අරමුණ බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

nethnews

No comments

Ads Place