Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද ජනතා අයිතියට

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) අද (20) දින පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාග...


පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය (Manin Market) අද (20) දින පෙ.ව. 10.00 ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.


 වෙළඳසැල් 1,192 ක්, වාහන විශාල ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා (Cool Room), හොටෙල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි. 


කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසදුමක් වශයෙන් හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදිය.


එම මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.


 කොළඹ නගරයේ අධික වාහන තදබදයට විසඳුමක් ලබාදීමේ ක්‍රියාවලියේ දී වැඩිම අවධානයක් යොමු වූයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය, කොළඹ මැනිං වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාම පිළිබඳවයි.


ගුවන් තොටුපළ අධිවේගී මාර්ගය, වරාය අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, උතුරු අධිවේගී මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග සමඟ පෑලියගොඩ හුවමාරුව සම්බන්ධ වන නිසා තොග බඩු ප්‍රවාහනය පහසුවෙන් රට පුරා සිදුකළ හැකිවේ.


 මේ නිසා කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවමවීමට මෙය යම් බලපෑමක් ද සිදුකරනු ලබයි.


 පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ රථවාහන 600 ක් පමණ නතර කිරීමට පහසුකම් සලසා දී තිබේ.


 මහල් හතරකින් සමන්විත පැලියගොඩ මැනිං වෙළද සංකීර්ණයේ 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ මෙම නව වෙළඳ සංකීර්ණය සකසා තිබීම විශේෂත්වයකි.


 මෙම වෙළඳ සංකීර්ණය යටතේ අක්කර 2 කට සීමා වී තිබුණු මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයක් බවට පත්වතිබේ. මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.9 කි.


 නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරන්නේ මෙම නව මැනිං වෙළඳ සංකීර්ණය මඟින් වෙළඳ මහතුන්ටත්, පාරිභෝගික ජනතාවටත් පහසුකම් රැසක් සැලසෙන බවයි. 

No comments

Ads Place