Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකිකයින් පර්යේෂණාගාර මීයන් කරන ඉන්දියාවේ බාල කොවිඩ් එන්නතකට ඇමති පවිත්‍රා අනුමැතිය දීලා

තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය ඇමත...


තවමත් පර්යේෂණ අදියර 2 මට්ටමේ පවතින ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරමින් තිබෙන කොවිඩ් – 19 එන්නතක් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැඳවූ රැස්වීමකදී අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතික නිලධාරිනිය ඒ සඳහා බලපෑම් කරන බවද වාර්තා වේ.

ඇයගේ මැදිහත්වීම මත කොවිඩ් පරීක්ෂණ කට්ටල ලබාදීම මඟින් මෙම බලකිරීමට අවශ්‍ය ඉඩ ලබාගෙන තිබෙන බව එම රැස්වීමට සහභාගී වූ නම සඳහන් කිරීමට අකමැති වෛද්‍යවරයෙකු සඳහන් කරයි.

ඔහුට අනුව මේ මඟින් ශ්‍රී ලංකාවේ ජනතාව ඉන්දියානු සමාගමේ පර්යේෂණාගාර මීයන් හෙවත් ගිනිපිග්ස් ලා බවට පත් වේ.

කිසිඳු පර්යේෂණ දත්ත ප්‍රකාශයට පත් කිරීමකින් තොරව එසේ මහජනයාගේ ජීවිත සමඟ සෙල්ලම් කිරීම බරපතල ආචාරධර්ම විරෝධී ක්‍රියාවක් බවද ඔහු කියයි.

lankaleadnews



No comments

Ads Place