Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැනින් වෙළඳපොල දින නියමයක් නැතිව වැසේ

නැවත දැනුම්දෙන තුරු කොළඹ මැනිං වෙළඳපල විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කිරීමත...


නැවත දැනුම්දෙන තුරු කොළඹ මැනිං වෙළඳපල විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත්, බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කිරීමත් සමග මැනිං වෙළඳපල ද විවෘත කිරීමටයි නියමිතව තිබුණේ. ඒ අනුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සිට ගොවීන් සහ ව්‍යාපාරිකයින් සිය අස්වනු රැගෙන ලොරි රථ 100 කින් පමණ මැනිං වෙළඳපලට අද උදෑසන පැමිණියා. 


කෙසේවෙතත්, එම අස්වනු භාරගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් පැමිණි පිරිස දැඩි අපහසුතාවට පත්වූ අතර එම අවස්ථාවේ එහි උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා. ඒ අනුව පැමිණි පිරිසට දැනුම් දුන්නේ මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත අදාළ අස්වනු තොග රැගෙන යන ලෙසයි.


කෙසේවෙතත්, මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ද වසා දමා තිබූ බැවින් ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට පත්වුණා. වැලිසර ආර්ථික මධ්‍යස්ථානය අද විවෘත කළ ද එළඵළු තොග මිලදි ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් සහ ව්‍යාපාරිකයින් පත්ව සිටියේ දැඩි දුෂ්කරතාවකටයි. 


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ පවතින සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වී සෞඛ්‍ය නිර්දේශ හිමිවන තුරු පිටකොටුව මැනිං වෙළඳපල විවෘත නොකරන බවයි. 



මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල අද විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දිනයේදී එළවළු තොග විශාල වශයෙන් ලැබී ඇති බවයි. එහෙත්, එම එළවළු තොග මිලදී ගැනීමට ප‍්‍රමාණවත් වෙළෙඳුන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද දිනයේදී පැමිණ නැහැ. ඒ හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවකට මුහුණ පා ඇති බවත් ඇතැම් එළවළු වර්ග කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 10 හෝ 20 වැනි අඩු මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් ගොවීන් පවසනවා. 

nethnews

No comments

Ads Place