Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උදේ රැස්වීමේදී සිසුවියක ලෙඩ වී බිම වාඩි වේ.. කොරෝනා බියෙන් කිසිම ගුරුවරයෙකු ලං නොවේ..

  පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී ස්වසන අපහසුතාවක් හේතුවෙන් බිම වැතිරුණු ශිෂ්‍යාවකට කොරෝනා යැයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් ලං නොවීමෙ...

 


පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී ස්වසන අපහසුතාවක් හේතුවෙන් බිම වැතිරුණු ශිෂ්‍යාවකට කොරෝනා යැයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් ලං නොවීමේ සිදුවීමක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රධාන පාසලකින් වාර්තා වෙයි.

එම විදුහලේ 09 වසරේ සිසුවියක් පාසල් ආරම්භ කිරීමේ රැස්වීමේදී යම්කිසි ශ්වසන අපහසුතාවයකට ලක් වීමෙන් බිම වාඩි වී තිබේ.

නමුත් කොරෝනා යයි සැකයෙන් කිසිදු ගුරුවරයෙකු ඇය අසලටවත් පැමිණ නැත.

ගිලන් රථයක් ඇය රෝහලට ගෙනයාමට පැමිණිය ද ඇය සමග රෝහලට යාමට හෝ කිසිදු ගුරුවරයෙකු ඉදිරිපත් වී නැත.

නමුත් ඇයට ඇඹිලිපිටිය රෝහලේ දී හෙළි වී ඇත්තේ කොරෝනා ආසාදිත නැති බවයි.

දැරියගේ දෙමාපියන් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ගිලන් රථ සේවය සේවකයන් සහ රෝහල් කාර්ය මණ්ඩල නිසා තම දරුවාගේ ජීවිතය බේරුණු බවයි.

වෙනත් පාසලක මෙවන් තත්ත්වයක් ඇති නොවිය යුතු බවද ඔවුන් කියා සිටියහ.

lankacnews

No comments

Ads Place