Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීම නිසා අපහසුතාවයට පත් වූ ගොවීන් රජයෙන් සහන ඉල්ලයි

පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අස්වනු නෙලා ඇති සහ එම අස්වනු අලෙවි කර ගත නොහැකිව සිටින ගොවීන් සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන සැලසීමට ආණ්ඩුව...


පවතින කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ අස්වනු නෙලා ඇති සහ එම අස්වනු අලෙවි කර ගත නොහැකිව සිටින ගොවීන් සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන සැලසීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. 


ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් ගත හැකි පියවර තීරණය කිරීමට විශේෂ සාකච්ඡුාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මේවනවිට නෙලා ඇති කෘෂි භෝග අස්වනුවලට කුමක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් එහිදී තීරණයක් ගන්නා බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.  


බස්නාහිර පළාත විවෘත කළද, පිටකොටුව මැනිං වෙළඳපල විවෘත නොකිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල සිට සිය අස්වනු රැගෙන පැමිණි ගොවීන් සහ ව්‍යාපාරිකයින් ඊයේ දැඩි අපහසුතාවට පත්වුණා. එලෙස පැමිණි පිරිසට දැනුම් දුන්නේ මීගොඩ සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන වෙත අදාළ අස්වනු තොග රැගෙන යන ලෙසයි. 


එහෙත්, එම ආර්ථික මධ්‍යස්ථාන ද වසා දමා තිබූ බැවින් ගොවීන් සහ ව්‍යාපාරිකයින් දැඩි අපහසුතාවකට පත්වූ බව ඊයේ දිනයේ නෙත් නිවුස් හරහා දිගින් දිගමට අනාවරණ කළා. මේ අතරතුර වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ඊයේ විවෘත කළ ද එළඵළු තොග මිලදි ගැනීමට වෙළඳුන් නොපැමිණීම හේතුවෙන් ගොවීන් සහ ව්‍යාපාරිකයින් පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි. 


මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ පැවසුවේ අස්වනු නෙලා ඇති ගොවීන්ගේ කෘෂි භෝග අස්වනුවලට දැන් කුමක් කරන්නේ දැයි ආණ්ඩුව උත්තරයක් දියයුතු බවයි. 


ආර්ථික මධ්‍යස්ථාන ආශි‍්‍රතව සිදුවන වැඩපිළිවෙළ සාමාන්‍ය සති පොළක ක‍්‍රමවේදයට වඩා හාත්පසින්ම වෙනස් බැවින් බලධාරින් එකවර තීරණ වෙනස් කළ පමණින් නෙලා ඇති අස්වනුවලට කරගත හැකි දෙයක් නොමැති වන බවයි ඔහු කියා සිටියේ.


කෙසේවෙතත්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ පවතින සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වී සෞඛ්‍ය නිර්දේශ හිමිවන තුරු පිටකොටුව මැනිං වෙළඳපල විවෘත නොකරන බවයි. 

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල ද විශාල වශයෙන් පහළ ගොස් තිබෙනවා. 


ඒ, එම එළවළු තොග මිලදී ගැනීමට ප‍්‍රමාණවත් වෙළෙඳුන් පිරිසක් නොපැමිණීම හේතුවෙන්. ඇතැම් එළවළු වර්ග කිලෝ ග‍්‍රෑම් 01 ක් රුපියල් 10 හෝ 20 වැනි අඩු මිලකට එහිදී අලෙවි කිරීමටයි ගොවීන්ට සිදුව තිබුණේ. 

nethnews

No comments

Ads Place