Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ කුටිය වටේට කොරෝනා ආසාදිතයන්.. ඉන්න බෑ කියා ඇප ඉල්ලයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. එ...


රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවේ කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එමෙන්ම එම වාට්ටුව පිරිසිදු කරන රැදවියන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව අද දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේද හෙළිවිය.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයා ඒ වෙත නොකැදවා බන්ධනාගාරයේ සිට ස්කයිප් තාක්‍ෂණය මගින් සාක්ෂි ලබා ගැනීම සිදු කරන ලදී.

මේ තත්ත්වය මත මන්ත්‍රීවරයා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.

lankacnews

තමනට බන්ධනාගාරය තුළ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් නොමැති හෙයිනි ඇප ලබා දෙන්නැයි මෝසමක් අධිකරණයට ඔහුගේ නීතීඥයන් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම් 25 වැනිදා සලකා බැලීමට නියමිතව ඇත.

No comments

Ads Place