Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹට පැමිණීම සීමා කරන්නැයි ජනතාවට උපදෙස්

කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර ...


කොළඹ නගරයට පැමිණීම හැකි තාක් අවම කරන ලෙස යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසයි. බස්නාහිර පළාතට පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණා. කෙසේවෙතත්, දිස්ති‍්‍රක් අතර ගමනාගමනයෙන් පවා තවදුරටත් වැළකී සිටිය යුතු බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ. 


ඇඳීරි නීතිය පනවා තිබීමෙන් පමණක් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම ඉතා අපහසු බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළා. ඒ අනුව ජනතාවට ද මෙම අවස්ථාවේ වැඩි වගකීමක් පැනවෙන බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 


බස්නාහිර පළාතට සහ තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලූයම 05 ට ඉවත් කෙරුණේ දින 10 කට පසුවයි. කෙසේවෙතත්, ප‍්‍රදේශ 27 ක් තවදුරටත් හුදෙකලා කර තැබෙනු ඇති. 

nethnews

No comments

Ads Place