Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මරදානේ සිට වතුකරයට ගිය බාබර්ට කොරෝනා : වතුකම්කරුවන් නිවසටම ගෙන්වාගෙන කොන්ඩ කැපු බවත් හෙළිවෙයි

මරදාන, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිට වතුකරයට පැමිණ සිටි අවු 38 හැවිරිදි කරණවැමියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව ඊයේ (18) දින සිදු කල අහඹ...


මරදාන, ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ සිට වතුකරයට පැමිණ සිටි අවු 38 හැවිරිදි කරණවැමියෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බව ඊයේ (18) දින සිදු කල අහඹු පි.සි.ආර් පරික්ෂණයක් අනුව අද දිනයේදී තහවුරුවූ බව කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පවසනවා.


ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක සේවය කල අසාදිතයා ඉකුත් මස 22 වෙනිදා හැටන් කොටගල ඩෙරික්ලෙයාර් වත්තේ තම නිවසට පැමිණ ඇත.


ඒ පිලිබදව දිඹුල පොලිසියට හෝ මහජන සෞඛ්‍යය පරික්ෂක කාර්යයාලයට දැනුම් නොදි සිටි අසාදිතයා තම නිවසට වතු කම්කරුවන් ගෙන්වා ගනිමින් නිවසේදි කිහිප දෙනෙකුගේ කොණ්ඩය කපා ඇති බවටද තහවුරු වි ඇත.


අසාදිතායාගෙන් කොණ්ඩය කපා ගත් එම වතු යායේ පවුල් 6 කට අයත් සමාජිකයන් අද දින ස්වයං නිරෝධානයට යොමු කිරිමට කොටගල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.


අසාදිතයා නිරෝධාන මධ්‍යස්ථායක් කරා යොමු කරන බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ප්‍රකාශ කර සිටියේ.

No comments

Ads Place