Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා ව...


බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 7 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව එහි සමස්ත ආසාදිතයන් ගණන 48ක් දක්වා ඉහළගොස් ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව පොලීසියේ ද තවත් 17 දෙනකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි.

බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලින් මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඩ් -19 ආසාදිත නිලධාරීන් ගණන 180කි.

එමෙන්ම තවත් නිලධාරීන් 257ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ. 

දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් දැනට කොවිඩ් -19 වෛරස ආසාදිත නිලධාරීන් 297ක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ජාඇළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ (04) කොවිඩ් -19  වෛරස ආසාදිතයන් 33ක් වාර්තා වී තිබුණි.

ඉන් 06ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.

මොවුන් සියලුදෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් ය.

adaderananews

No comments

Ads Place