Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් වසංගතයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බේරාගැනීමට ක්‍රමවේදයක් සැකසු පාසල් සිසුන්

කොවිඩ් වසංග තත්ත්වය හේතුවෙන් රෝහල් තුළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මුහුණ පා සිටින අවදානම සැලකිල්ලට ගෙන පාසැල් දරුවන් තිදෙනෙකු විසින් කළ නව ...


කොවිඩ් වසංග තත්ත්වය හේතුවෙන් රෝහල් තුළ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය මුහුණ පා සිටින අවදානම සැලකිල්ලට ගෙන පාසැල් දරුවන් තිදෙනෙකු විසින් කළ නව නිර්මාණයක් අද (06) කුලියාපිටිය ශික්ෂණ රෝහල වෙත ලබාදී තිබේ.

ඒ. කේ. මනෝජ් නෙරංජන, ආර්. එම්. අයේෂ් රත්නායක සහ ආර්. එම් චමාල් රාජපක්ෂ එම නිර්මාණය කර තිබේ. 

වෛද්‍යවරුන්ට රෝගීන් සමීපයට නොගොස් රෝග ලක්ෂණ පරීක්ෂා කළහැකි පරිදි නිර්මාණය කර ඇති රොබෝ යන්ත්‍රයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ සිසුන් තිදෙනෙක් නිර්මාණය කර ඇත.

ඔවුන් පවසන්නේ රෝගීන් පරීක්ෂා කිරීම, බෙහෙත් ලබාදීම ඇතුළු කාර්යයන් රැසක් එම රොබෝ යන්ත්‍රය හරහා සිදුකරගත හැකි බවය.

කුලියාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අදාළ රොබෝ යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු රොබෝ යන්ත්‍රය රෝහල් කටයුතු සඳහා එක්කර ගැනීමට කැමැත්ත පළකර ඇත.

එම සිසුන්ට මෙම රොබෝ යන්ත්‍රය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වී ඇති අතර ඔවුන් පවසන්නේ අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් දිවයිනේ අනෙකුත් රෝහල් සඳහා ද එවැනි රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට සූදානමින් පසුවන බවය.  

adaderananews

No comments

Ads Place