Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැටන් පොලිස් කොට්ඨාශයට ඇතුල්වන සියළුම නිරෝධානයට….

කොවිඩ් 19 වෛසරය පැතිරයාමේ අවධානමත් සමග (09) දින සිට තම පොලිස් කොට්ඨාශය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කර...


කොවිඩ් 19 වෛසරය පැතිරයාමේ අවධානමත් සමග (09) දින සිට තම පොලිස් කොට්ඨාශය තුලට පැමිණෙන වතුකරයේ පිරිස් ඔහුන්ගේ නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බව හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ජෙෂ්ඨ පෙලිස් අධිකාරි විජිත අල්විස් මහතා කියා සිටියේ වතුකරයේ විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිතරව සිටින බවත් , එම පිරිස් මේ මස (14) දින පැවැත්වෙන දිපාවලි උත්සවයට පැමිණෙන බැවින් එම පිරිස ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කරන බවයි.

ගිනිගත්හේන , දියගල , බගවන්තලාව යන ස්ථාන වල (08) දින සිට පොලිස් මාර්ග බාධක යොදවන බවත් , එම ස්ථානවලදි එසේ පැමිණෙන පිරිස් හදුනාගෙන ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගන්නා බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

තවද ප්‍රදේශයේ පදිංචිකරුවන් හැර පිටතින් පැමිණෙන කිසිවෙකුටත් තම පොලිස් බල ප්‍රදේශයට පැමිණිමට අවස්තාව ලබා නොදෙන බවත් , එසේ පැමිණෙන පිරිස් ආපසු හරවා යැවිමට කටයුතු කරන බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

තම කොට්ඨාශ පොලිස් බල ප්‍රදේශයට අයත් හැටන් , බගවන්තලාව , ගිනිගත්හේන , මස්කෙලිය , නෝටන්බ්‍රිජ් , නල්ලතන්නිය , නොර්වුඩ් , වටවල යන පොලිස් ස්ථානාධිපතිවරුන්ටද මේ සම්බන්ධයෙන් නියෝග ලබා දි ඇති බවත් , මාර්ග බාධක මග හැර පැමිණෙන පිරිස් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් ඔහුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධානයට යොමු කරන බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

lankacnews

No comments

Ads Place