Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විල්පත්තුවේ වන හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි නියෝග

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ  එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්ත...


විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ  එළිපෙහෙළි කිරීමෙන් සිදුවූ හානිය මාස දෙකක් ඇතුළත ගණනය කරන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඊට වැය වන මුදල මසක් ඇතුළත හිටපු අමාත්‍ය රිෂාඕ බදුර්දීන්ගෙන් අය කර ගන්නා ලෙසට ද අභියාචනාධිකරණය නියෝග කළ බවයි පරිසර යුක්ති කේන්‍ද්‍රය පැවසුවේ. අභියාචනාධිකරණය ලබාදුන් එම නියෝගය පිළිබද පරිසර යුක්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මෙලෙස අදහස් පළ කළා.


විල්පත්තු රක්‍ෂිතයේ ඉඩම් අවතැන් වූ පුද්ගලයන් පදිංචි කිරීම සදහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිවිරෝධී ආකාරය ලබාදුන් බවට පිළිගෙන ඇති බවයි පරිසර යුක්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ වැඩිදුරටත් පැවසුවේ.


ඊට අමතරව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ගෙවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය විසින් පෙත්සමේ වග උත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා. ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කළා.             

මේ අතර හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අගය කොට සලකන බව පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඇඹිලිපිටියේදී මාධ්‍ය  හමුවේ උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළා. 

No comments

Ads Place