Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් තත්ත්වය ගැන බොඩිලයින් ඇඟලුම් කර්මාන්ත ශාලා පරිපාලනයෙන් නිවේදනයක්

සියලුම බොඩිලයින් කර්මාන්ත ශාලාවල පුළුල් ලෙස පීසීඅර් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසයි. ඔවුන්ගේ කර්මා...


සියලුම බොඩිලයින් කර්මාන්ත ශාලාවල පුළුල් ලෙස පීසීඅර් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසයි.

ඔවුන්ගේ කර්මාන්ත ශාලා තුනෙන් දෙකක එනම් හොරණ සහ අගලවත්ත කර්මාන්ත ශාලාවල මේ වනවිට කොවිඩ් ආසාදිතයින් හමුවී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

හොරණ කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයින් 68 දෙනෙක් හමුවී ඇති අතර අගලවත්ත කර්මාන්ත ශාලාවෙන් ආසාදිතයෙක් ද හමුවී තිබේ.

තවත් පීසීඅර් පරීක්ෂණ 1,760ක ප්‍රතිඵල ලැබීමට නියමිත බව එම සමාගම පවසයි.

මේ වනවිට එම කර්මාන්තශාලා දෙකම වසාදමා ඇති අතර විෂබීජහරණය කර සෞඛ්‍ය බලධාරීන් ගේ අනුමැතිය ලැබුණු පසු ඒවායේ මෙහෙයුම් නැවත ආරම්භ කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

adaderananews




No comments

Ads Place