Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බන්ධනාගාර නිළධාරීන්ට සති දෙකකට නිවාඩු තහනම්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතට යාම තහනම් කර තිබෙනවා.  ඒ අනුව වැලිකඩ,...


කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් කොළඹ බන්ධනාගාරවල නිලධාරීන්ට එම බන්ධනාගාරවලින් සති දෙකක් පිටතට යාම තහනම් කර තිබෙනවා. 


ඒ අනුව වැලිකඩ, වැලිකඩ කාන්තා, කොළඹ රිමාන්ඞ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිදු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි වන්නේ නැහැ. 


මේ අතර වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලැබූ කොරෝනා රැදවියන් කන්දකාඩු ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කෙරුණා. මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදනය වන රැුදවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි තීරණය වී ඇත්තේ. 


කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තා රැුදවියන් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කරනු ලබන්නේ වැලිකන්ද කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙතයි. මෙතෙක් කොරෝනා ආසාදිත සියළු රැදවියන් වැලිකඩ බන්ධනාගාර රෝහල, පල්ලන්සේන සහ බෝගම්බර බන්ධනාගාරවල රදවා සිටියා. 


හිස් වූ වැලිකඩ බන්ධනාගාර රෝහල නිරෝධායනය සදහා යොමු කරන රැදවියන් ඇතුළත් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. මේ අතර බන්ධනාගාර නිලධාරීන් 25 දෙනෙකු නිරෝධානයට යොමු කර තිබෙනවා. ඒ, අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ නිල නිවාස තුළයි.


ඊයේ රාති‍්‍රය වනවිට බන්ධනාගාර ආශි‍්‍රත කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 153 ක් දක්වා ඉහළ ගියා. බන්ධනාගාර 7 ක රදවා සිටින රැුදවියන් 148 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකු ඊට අයත්.

nethnews

No comments

Ads Place