Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හුදෙකලා කළ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන තීරණය ගැන

කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද ...


කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි. කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවලට ඇතුළුවීමට හෝ පිටවීමට අවසර හිමි නොවන බවයි ප‍්‍රකාශ කෙරුණේ. 


අදාළ ප‍්‍රදේශ තුළට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාම සම්බන්ධයෙන් ද අද දිනයේ තීරණයක් ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 


දැනට හුදෙකලා කර ඇති කොළඹ දිස්ති‍්‍රක්කයේ පොලිස් වසම්වල පිහිටි මහල් නිවාසවල ජනතාව කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.


මේ අතර අද උදැසන 06 න් අවසන් වූ ගතවූ පැය 24 තුලදී නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පැවසුවා. 

nethnews

No comments

Ads Place