Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවිආයුධ රැගෙන ගමන් කළ පිරිසක් අත්අඩංගුවට

කළුතර දකුණ සෙන්ට්‍රල් හන්දිය මාර්ග බාධකයේදී ත්‍රිරෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ  ටී 56 සජීව පතරොම්, ජීව අත්බෝම්බ ඇතුළු අ...


කළුතර දකුණ සෙන්ට්‍රල් හන්දිය මාර්ග බාධකයේදී ත්‍රිරෝද රථයකින් හා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ  ටී 56 සජීව පතරොම්, ජීව අත්බෝම්බ ඇතුළු අවිආයුධ කිහිපයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (06) පස්වරුවේ එම වාහන පරීක්ෂාකර තිබුණි.

එහිදී ජීව අත්බෝම්බයක්, ටී 56 සජීව පතරොම් 02ක්, ටී 56 හිස් පතරොම් 02ක්, කඩු 04ක් හා මන්නා පිහි 06ක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.

අත්අඩංගුවටපත් සැකකරුවන් අවුරුදු 22ත් 36ත් අතර වයස්වල පසුවන කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

adaderananews

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments

Ads Place