වාසුදේව නානායක්කර මහතා අද එතුමාගේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම ...
වාසුදේව නානායක්කර මහතා අද එතුමාගේ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු විරෝධයක් නැති නමුත් ද්විත්ව පුරවැසියෙකු ලෙස බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිනෙනවාට තමන් විරුද්ධ බවයි.
මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඒමට කිසිදු අදහසක් නැතැයි තමන් පැහැදිලිව ප්‍රකාශ කළ බවද ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වාසුදේව නනයක්කාර මහතා”බැසිල් රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසිභාවය අතහැර ඕනෑම මොහොතක පාර්ලිමේන්තුවට පැමිණිමේ හැකියාව තිබෙනවා. දැන් සම්මත කර ඇති විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය අත නොහැර ද පාර්ලිමේන්තුවට පැමිණිමේ හැකියාව තිබෙනවා. නමුත් එවැනි ලැජ්ජා නැති වැඩක් බැසිල් රාජපක්ෂ මහතා නොකරනු ඇතැයි තමන් විශ්වාස කරනවා” යැයි පැවසුවේය.
lankaleadnews
No comments