Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පානදුර නගරය මැද අයෙක් ඇදවැටී මියයයි.. කොරෝනා පරීක්‍ෂාවට..

පානදුර නගරයේ වෙළඳ සැලක් ඉදිරිපිට ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. පානදුර පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇති පුද්ග...


පානදුර නගරයේ වෙළඳ සැලක් ඉදිරිපිට ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

පානදුර පොලිසිය සඳහන් කරන්නේ මෙසේ මියගොස් ඇති පුද්ගලයා පානදුර තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු බවයි.

ඔහු ඊයේ දහවල් අවශ්‍යතාවයක් සඳහා පානදුර නගරයට පැමිණීමේදී වෙළෙඳ සැලක් ඉදිරිපිට ඇද වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඉන්පසු ඔහු ත්‍රීරෝද රථයකින් පානදුර රෝහලට ගෙන ගොස් ඇතත් රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

lankacnews

එම දේහය සඳහා කොරෝනා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව තිබේ.

No comments

Ads Place