Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවය

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන...


රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය (08) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්විණ. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකූලතාව ඇතිව සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට සහභාගි වී සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තෙමි.
බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහ කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට එක් වීමේ භාග්‍යය හිමිවිය.

දහවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවනු ලැබූ අතර මා විසින්එය සඟ සතු කොට පූජා කරන ලදී.
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ පුණ්‍යෝත්සවයේ ප්‍රධාන අනුශාසනාව කළහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

lakaleadnews







No comments

Ads Place